හැදින්වීම

                    රිදී සීනු අඩවියට පිසි ඔබ ඉතා ආදරයෙන් පිළිගනිමු.

            මෙම අඩවියට පිවිසි ඔබ අවිවාහක යුවතියක හෝ මහත්මයෙකු වීමට පුළුවන නො ඒසේ නම් ඔබ එවන් අයකුගේ මව හෝ පියා නැතිනම් වෙනත් ඥාතියකු වීමට බොහෝ විට ඉඩ ඇත.
         අද ලොව දියුණු සමාජය තම කාර්ය බහුලත්වය මත අන්තර්ජාලය ඔස්සේ තම අවශ්‍යතා ඉටුකර ගැනීමේ කාර්යයන්ගේ නියැලී සීටීම බොහෝ විට දක්නට ලැබෙන දසුනකි.
            මෙම අඩවිය අන්තර්ජාලය තුල සැරිසැරීමට දත් නොදත් සියළු දෙනාටම තමන්ගේ අවශ්‍යතාවය ඉටුකර ගැනිමට හැකිවන අයුරින් ගොඩ නැංවෙන සේවාවකි.
(කොන්දේසි සඳහා කරුණාකර “අකෘතිය” පිටුව බලන්න)
            ඔබගේ දැන්විම අප අඩවිය වෙත සාමාන්‍ය තැපැල් මගින් යොමු කළ හැකි අතර ඒ සඳහා ගාස්තු ගෙවිම ද ඔබට පහසු ඕනෑම ආකාරයකින් කළ හැකිවන පරිදි අප සේවාව නිර්මාණය කර ඇත.
(කරුණාකර  “ගාස්තු”  පිටුව බලන්න.)
            ඔබ කලයුතු වන්නේ ඔබගේ මංගල දැන්විම පුවත්පතක මංගල දැන්විමක් සඳහා යොමුකරන ආකාරයට සකස් කර අප වෙත සාමාන්‍ය තැපැල් මගින් හෝ ඊ - මේල් මගින් හෝ අප වෙත යොමු කිරීම වේ.
            නැතිනම් වැඩි විස්තර ලබාගැනිම පිණිස ඔබේ නම ලිපිනය සහ රු 15/- මුද්දර ඇලවූ 9 x 4 ප්‍රමාණයේ දිගු ලිපි කවරයක් අපගේ ලිපිනයට එවීමයි. එවිට අප ඔබ වෙත අවශ්‍ය මූලික තොරතුරු නොමිලේ ලබා දෙන්නෙමු.
(කරුණාකර “ වැඩි විස්තර ” පිටුව බලන්න.)
            ඔබට හුරු පුරුදු පරදි ඔබගේ දැන්විම (අප අඩවියේ පළ කල විට) පලකිරීමෙන් පසු ඒ සඳහා ලැබෙන ප්‍රතිඵල තොරතුරු ඔබට සාමාන්‍ය තැපැල් මගින් ලබාදිමට කටයුතු සම්පාදනය කර ඇත.
(ලැබෙන පිළිතුරු ලිපි යොමුකිරීම සඳහා “ආපසුපිළිතුරු” යන පිටුව කරුණාකර බලන්න)
            “ආකෘතිය” පිටුවේ සඳහන් ආකෘතිය අනුව සකස් කරගත් දැන්වීම සමග එම ආකෘතිය මගින් විමසන දැන්විම පළකරනු ලබන තැනැත්තා පිළිබඳව සහ අනිකුත් තොරතුරු අප වෙත ලබා දීමට කාරුණික වන මෙන් ද දන්වමු.
            මෙම අඩවියේ දැන්වීම් පළකිරීම සඳහා ඔබට පහත සඳහන් රටාවන්ගෙන් කවර හෝ රටාවක් අනුගමනය කළ හැකිවේ.

01 පුවත්පතකට දැන්වීම් යොමුකරන ආකාරයට
            මෙහිදි ඔබගේ දැන්වීම එක් වරක් පළකළ යුතු කාලය වෙනුවෙන් ගාස්තු ගෙවිය යුතු වේ. නැවත අදාළ කාලය ඉක්මව යාමත් සමග එම දැන්විම නැවත පළකරන්නේ නම් ඒ සඳහා ඔබ පෙර පරිදි ම ගාස්තු ගෙවිය යුතු වේ. දැන්වීමක් පළකරනු ලබන අඩුම කාල සිමාව දින 180කි.

02 අප අඩවියේ ලියාපදිංචි වීමෙන්
            ලියාපදිංචි වන සාමාජිකයින් වෙත ගාස්තු අය කිරීමේදි විශේෂ සහන සැලසේ. (වැඩිවිස්තර සඳහා ලිපියක් මගින් හෝ ඊ මේල් මගින් අමතන්න)

03 දිගු කාලයකට ලියාපදිංචි විම
            3.1 මාස තුනකට
                        මෙම කාලය ට පළකරන දැන්විමක් සඳහා මාස තුනට පසු .................. සහන කාලයක් හිමිවේ.
            3.2 මාස හයකට
                        මෙම කාලය ට පළකරන දැන්විමක් සඳහා මාස හයට  පසු .................. සහන කාලයක් හිමිවේ.
            3.3 මාස නමයකට
                        මෙම කාලය ට පළකරන දැන්විමක් සඳහා මාස නමයකට පසු .............. සහන කාලයක් හිමිවේ.
            3.4 එක් අවුරුද්දකට
                        මෙම කාලය ට පළකරන දැන්විමක් සඳහා වර්ෂයකට පසු ..................... සහන කාලයක් හිමිවේ.
(කරුණාකර ගාස්තු සඳහා  “ගාස්තු”  පිටුව බලන්න.)
ලංකාවේ දිස්ත්‍රික්ක සහ මංගල යෝජනා ඉදිරිපත් කරන්නන් ගේ වයස් කාණ්ඩයන් පදනම් කර මූලික වර්ග කිරීම කර අති අතර ඒ ඒ වයස් කාණ්ඩ සහ දිස්ත්‍රික්කය තුල පිහිටි නගර සහ ගම් පදනම් කර ගනිමින් දැන්වීම් ස්ථාන ගත කරනු ලැබේ.

දැන්වීම් පළ කරනු ලබන ආකාරයේ ආදර්ශයක් බැලීම සඳහා " ඇතුලත " පිටුව කරුණාකර බලන්න.

සැලකිය යුතුයි.
  • දැන්වීම යොමු කිරීමෙන් පසු අප ඔබට ලියාපදිංචි අංකයක් ලබා දෙනු ඇත.
  • සැම ලිපි හෝ ඊ මේල් හෝ දුරකථන සංවාදයක දි එම අංකය කරුණාකර භාවිතා කරන්න. එය අපට ඔබ වෙනුවෙන් සේවය සැලසිමේ දී පහසුවනු ඇත.
  • යම් දැන්වීමක් පල කිරීමෙන් අනතුරුව අදාළ පුද්ගලයා ගේ විවාහය සිදුවුනි නම් ඒබව තහවුරු කරන ආකාරය මත දැන්විම සඳහා ලබාගෙන ඇති ගාස්තුවෙන් නිදහස් කල හැකි මුදල අප ඔබ වෙනුවෙන් ලබා දෙනු ඇත.
           
           










No comments:

Post a Comment

ඔබගේ නම, සාමාන්‍ය තැපැල් ලිපිනය, දුරකථන අංකය, (ඇත්නම් ඊ මේල් ලිපිනය) පහත කොටුවේ සටහන් කර publish මත ක්ලික් කරන්න.